Monday, October 6, 2014

 හනි බැජර් (Honey badger).

හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, හරි බය වෙන්න දෙයක් නැහැ ඔය නමින් හදුන්වන්නේ ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කියන සත්ව විශේෂයක්. හනි බැජර් (Honey badger) එහෙමත් නැත්තන් රැටල්(ratel) කියල හදුන්වනේ මුගටි(weasel) කුලයට අයත් සිවුපා සත්වයෙක්. මෙයාලා ජීවත්වෙන්නේ අප්‍රිකාවේ, නිරිතදිග ආසියාවේ සහ ඉන්දියාවේ ප්‍රදේශ කීපයක. ඒවගේම මෙයා මාංස භක්ෂක සතෙක්.

මෙයාල ගොඩක් දුරට ජීවත්වෙන්නේ තනිවම ඒ වගේම මෙයාලගේ වාසස්ථාන තමයි පොලව හාරලා හදාගතපු ගුල්. මොකද මෙයාල ඇවිල්ල ගුල් හැරීමට අති දක්ෂයෝ. හනි බැජර් කියන්නේ ඉතාමත් බුද්දිමත් සත්ව විශේෂයක්, ඒ වගේම ලෝකේ ජීවත්වෙන යම් යම් උපකරණ බවිතාකිරීමට හැකි සත්ව විශේෂ කීපයෙන් එක් විශේෂයක්.


මම අද මෙයාල ගැන කියන්න හේතු වුන විශේෂ කාරණය ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හනි බැජර්ලා ප්‍රසිද්දියක් උසුලන්නේ එයාලගේ රෞද්‍රභාවය, ශක්තිවන්තකම සහ ම්ලේච්ඡත්වයට. මොකද මෙයාල ලෝකේ ජිවත්වන ඕනෑම සත්වයෙකුට පහර දෙනෙව, ඒ කියන්නේ මෙයාල සිංහයන්ට පවා ඉතාමත් දරුණු විදියට පහරදෙනවා. එකට ගොඩක් හේතුවෙන්නේ මොවුන් සටනක් අවස්ථාවකදී කිසිම නැවතීමක් නැතිව එකදිගට පහරදීමයි. ඒවගේම මොවුන්ට බඩගිනිවූ විට සිංහයෙකු විසින් ආහාරයට ගනුලබන දඩයමක් හෝ සිංහයාව පලවාහැර ආහාරයට ගැනීමට තරම් දරුණු සත්ව විශේෂයක්. මෙන්න මේවගේ කාරණා නිසා තමයි වර්ෂ 2002 ලෝක ගිනස් වාර්තා පොතට හනි බැජර්ලගේ නම ගියේ "ලෝකයේ සිටින නිර්භීතම සත්වයා (the most fearless animal on the planet)" කියල. ඉතින් එකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මෙයාලගේ තරම.

මෙයාලා ජිවත්වන රටවල්.


මෙයාල මොනවා හරි විස ජාතියක් ආහාරයට ගත්තම මෙන්න මේ වගේ ටිකක් වෙලා සිහි නැතිව වැටිලා ඉන්නවා.









Thursday, October 2, 2014







ආචාර්ය පොන්නම්පෙරුම.

හරි අද මම කියන්න යන්නේ ලෝක පුජිත පුද්ගලයෙක් ගැන ඒ වගේම එයා ඇවිල්ල අපේ රටෙන්ම බිහිවුන ලෝක පුජිතයෙක්. ඉතින් අපි මෙයා ගැන දන්නේ නැහැ කියන්නේ, එක විදියකට අපි ලැජ්ජා වියයුතු කාරණයක් කියල තමයි මමනම් හිතන්නේ.

හරි මෙතුමාගේ සම්පුර්ණ නම තමයි ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම. මෙතුමා ඉපදිලා තියෙන්නේ 1923 ඔක්තෝම්බර් මාසේ 16 වෙනිදා ගාල්ල ප්‍රදේශයේදී. ඒ වගේම මෙතුමා මේ ලෝකෙන් සමුඅරගෙන තියෙන්නේ 1994 දෙසැම්බර් මස 20 වෙනිදා. මෙතුමා ඇවිල්ල ජීවයේ ආරම්බය පිළිබද වූ ක්ෂේත්‍රය සහ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ ක්ෂේත්‍රය සම්බන්ද (fields of chemical evolution and the origin of life) විද්‍යාඥයාවරයෙක්.

හරි අපි දැන් බලමු මෙතුමා මොකද ලෝක පුජිත වෙන්නේ කියල. වර්ෂ 1962 දී ජාත්‍යන්තර විද්‍යාව පිළිබද විද්‍යායතනයෙන් මෙතුමා පිදුම් ලැබුවා, ඒ වසරේදීම එතුමාට අවස්ථාව ලැබුන නාසා (NASA) ආයතනයේ නේවාසික විද්‍යාඥයාවරයෙක් විදියට සේවය කිරීමට. වර්ෂ 1963 දී එතුමාව නාසා ආයතනය විසින් එම ආයතනයේ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ කාර්යාංශයේ ප්‍රදානියා බවට පත් කරනවා. එමෙන්ම එම ආයතනය විසින් එතුමාව තෝරාගනු ලබනවා ප්‍රදාන විද්‍යාඥයාවරයා ලෙස ඇපලෝ අබ්යවකාශ යානය විසින් ගෙන එන ලද සදේ පස් පරික්ෂ කිරීමේ කණ්ඩායමේ.

වර්ෂ 1984 දී එවකට ශ්‍රී ලංකාවේ ජනාදිපති වරයා ලෙස සිටි ජේ.ආර්. ජයවර්දන මහතා ආචාර්ය පොන්නම්පෙරුම මහතාව එතුමාගේ ප්‍රදාන විද්‍යාව පිළිබද උපදේශකයා හැටියට පත් කරගනු ලබනවා. වර්ෂ 1990 දී එවකට සිටි රණසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා ආචාර්ය පොන්නම්පෙරුම මහතාට "විද්‍යා ජෝති" ගෞරව නාමය පිරිනමනවා. එමෙන්ම ලංකාවේ විසු Arthur C. Clarke මහතාට අනුව "No other scientist of Sri Lankan origin was internationally known and respected as he was" 

මෙහි සදහන් කර කාරණා වලට අමතරව ලෝකය පුර විහිදුන විශ්වවිද්‍යාල සහ ආයතන රැසකින් මෙතුමාට විවිදාකාර වූ තනතුරු, ගෞරව නාමයන් පිරිනම තිබේ. 




Tuesday, September 16, 2014

අජන්තා ගුහාව

හරි අද මම කියන්න යන්නේ ගුහාවක් ගැන, ගුහාවක් කිවුවට මේක ඇවිල්ල ගුහා සංකීර්ණයක් ඒ වගේම මේ ගුහා සංකීර්ණය පිහිටලා තියෙන්නේ අපේ රටෙනම් නෙවෙයි. ඒක පිහිටලා තියෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඔරන්ගබාඩ් කියන දිස්ත්‍රික්කයේ.

මේ සංකීර්ණයේ තියෙනවා කළු ගල් විදලා නිර්මාණය කරපු ගුහා 30. මේ ගුහා ඔක්කොගෙම වගේ බිතුසිතුවම් සහ ගල් කැටයම් වලින් අලංකාර කරලයි තියෙන්නේ, ඒ ඔක්කොම බුද්ද චරිතය හෝ බුදුදහම හා බැදුණු නිර්මාණ ඒ මොකොද මේ ගුහා සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නේ සන්ගාවසයක් විදියට. මෙය ඉදිකරලා තියෙන්නේ බුද්ද වර්ෂ දෙවන සියවසේ. 1983 වර්ෂයේදී මෙම ගුහා සංකීර්ණය යුනෙස්කෝ සංවිදානය විසින් ලෝක උරුමයක් විදියට නම් කරලා තියනවා. ඒ වගේම මෙම ගුහා සංකීර්ණයේ තිබෙන බිතුසිතුවම් සහ ශ්‍රී ලංකාවේ සීගිරියේ තිබෙන බිතුසිතුව අතර ඉතා විශාල සමානකමක් තිබෙනවා.

හරි දැන් මේ ගුහාව ගැන ඉතිහාසය දැන ගත්තනේ, දැන් බලමු මොකද මේ ගුහාව විසේස වෙන්නේ කියල. ගොඩක් පිටසක්වල ජීවින් මේ ලෝකෙට අවා කියලා පිළිගන්න බුද්දිමතුන් සහ පර්යේෂකයින්ගේ මතය වෙලා තියෙන්නේ මේ ගුහා සංකීර්ණය හදන්නත් ඒ විදියේ පිටසක්වල ජීවින්ගෙන් යම්කිසි තාක්ෂණික දැනුමක් මේක නිර්මාණය කරපු නිර්මාණකරුවන්ට ලැබුන බවටයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් යොදාගන්නේ මෙමෙ නිර්මාණයේ තිබෙන අති සියුම් කැටයම් සහ ඒවගේ එකකට එකක් එකම විසාල කළු ගලකින් නිර්මාණය කිරීමට තරම් තාක්ෂණයක් හෝ දැනුමක් මෙමෙ ගුහා නිර්මාණය කරපු කාල වකවානු වල වාසය කරපු මිනිසුන්ට නොතිබුන බවයි, මන්ද මෙතරම් තාක්ෂනය දියුණු අද දවසේ වුවත් මෙම ගුහ සංකීර්ණයේ ඇති නිර්මාණ කිරීම ඉතාමත් අපහසු බව එම විද්වතුන්ගේ මතයයි. 

අපි දැන් මේ ගුහ සංකීර්ණයේ පින්තුර ටිකක් බලමු.
දුරට පෙනෙන හැටි 



දුරට පෙනෙන හැටි 










වැසි කාලයේදී 










ඇතුලත දර්ශන 











ඇතුලත දර්ශන 















ඇතුලත දර්ශන 











ඇතුලත දර්ශන 

පිටත ගල් කැටයම් 











ඇතුලත දර්ශන

පිටත ගල් කැටයම් 










බිතුසිතුවම් 
බිතුසිතුවම් 
බිතුසිතුවම් 
බිතුසිතුවම් 

















Wednesday, September 3, 2014

රෙදි සෝදන මාළුවෝ

අද මම කියන්න යන්නේ අමුතුම විදියේ රෙදි හෝදන මාළුවෝ කට්ටියක් ගැන. හරි හරි දැන් බොරු කියල හිතන්න එපා මොකද ඔයාල දන්නේ නැති උනාට එහෙම කට්ටියක් මේ ලෝකේ ඉන්නවා.

හරි එහෙනම් දැන් විස්තරේ කියන්නම්, රෙදි හෝදන මාළු කිවුවට ඇත්තටම මෙයාල ඇවිල්ල මාළු රොබෝවරු. ඒ කියන්නේ මෙයාලව නිර්මාණය කරේ දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන Chan Yeop Jeong කියන සිසුවා. එයා මේ මලුවන්ව නම් කරලා තියෙන්නේ ඩොෆි (Dofi) කියලා ඒ වගේම එයාට මේ මාළුවෝ නිර්මාණය කරන්න පෙලබිමක් ඇති කරලා තියෙන්නේ "Doctor fish" කියන ප්‍රතිකර්ම ක්‍රමය දිහා බලාගෙන ඉදලා.

හරි දැන් බලමු කොහොමද මේ ඩොෆිලා රෙදි හෝදන්නේ කියලා, එක කරන්නේ මේ මලුවන්ව හදලා තියෙන්නේ ගොඩක් සංවේදක (sensors) උපයෝගී කරගෙන ඉතින් ඒ සංවේදක වලට හැකියාව තියනවා අපේ කිලිටු වුන රෙදිවල තියන කුනුපැල්ලම් හදුනා ගන්න ඊට පස්සේ මේ රොබෝ මළුවට පුළුවන්කම තියනවා ඒ කුණු අංශු ඇදල ගන්න ඒ කියන්නේ අපේ රෙදි වල තියන කුණු ඉවත් කරන්න.

ඉතින් මේයා දැන් මේ ඩොෆි මාළුවෝ යොදාගෙන අලුත්ම පන්නයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවන්නයි යන්නේ, ඒක නම් කරලා තියෙන්නේ පෙසර (Pacera) කියලා. ඉතින් දැන් ඔයාලට අමතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මේ යන්ත්‍රයට ඩොෆි මාළුවන් යොදාගන්න නිසා රෙදි සෝදන කුඩු ඕනේ වෙන්නේ නැහැ ඒ වගේම ඉතාමත් අඩු වතුර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ මේ අලුත් යන්ත්‍රයට.































Friday, August 29, 2014

ජපානේ තියන දිගම එක 


අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග?

මේක ප්‍රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග නිසා විතරක්ම නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ තියන ගැබුරුම දුම්රිය බින්ගෙය, හරි දැන් ඔයාල බලනවා ඇති කොහොමද මේක ගැබුරුම එක වෙන්නේ කියල. හරි ඒක වෙන්නේ මෙහෙමයි මේකේ මුළු දුරෙන් කිලෝමීටර් 23.3 ක්ම වැටිලා තියෙන්නේ මුහුද යටින් ඒ කියන්නේ මුහුදු පතුලේ ඉදන් මීටර් 100 (අඩි 330) යටින් තමයි මෙම උමගේ දුමරිය මාර්ග පිහිටලා තියෙන්නේ. 

මෙම උමග හදන්න හේතුවෙලා තියෙන්නේ Honshu සහ Hokkaido කියන නගර දෙක යාකරලා දුම්රිය සේවයක් ආරම්බ කරන්න ඕනේ වුන නිසයි. 1988 මාර්තු මස 13 වන දින තමයි මේක විවුර්ත කරලා තියෙන්නේ, ඒවගේම එම උමගේ ඇතුලේ දුම්රිය මාර්ග දෙකක් පිහිටලා තියනවා සහ එම දුම්රිය මාර්ගයක උපරිමය පැයට කිලෝමීටර 140(140 km/h) ක වේගයකින් දුම්රිය දාවනය කිරීමේ හැකියාව පවතිනවා.

අපි දැන් පින්තුර ටිකක් බලමු....





Tuesday, August 26, 2014

බිසේෆලස් Bucephalus 

හරි තරහ වෙන්න එපා අපි මෙහෙම පටන් ගමු. මේක ඇවිල්ල ඇත්තටම නමක්, එහෙම කිවුවට නිකන්ම නිකන් නමක් නෙවෙයි මේක ඇවිල්ල මෙතුවක් කාලෙකට ලෝකේ පහල වුන ප්‍රසිද්දම ඒ වගේම නිර්බිතම අශ්වයාගේ නම.

හරි කවුද මේ "Bucephalus" කියන්නේ මෙයා අශ්වයෙක් කියල දැන් ඔයාල දන්නවනේ, හරි නමුත් මොකද මෙය මෙච්චර ප්‍රසිද්ද, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙය තමයි මහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්යගේ(Alexander the Great) අශ්වයා. දැන් ඉතින් ඔයාලට ටිකක් තේරෙනවා ඇතිනේ මොකද මෙය ප්‍රසිද්ද කියල. 



Alexander the Great එයාගේ අතිශය විශාල වූ අදිරාජ්‍ය ගොඩනගා ගන්න ලෝකේ පුරා සටන්වලට සැතපුම දහස් ගණනක් ගමන් කරේ මේ අශ්වයාගේ පිටේ ඒ වගේම ඒ හැම සටනකටම වගේ සටන් වැදුනෙත් මේ අශ්වයා සමගයි. එකට හේතුව තමයි පුරාවෘතයන් වලට අනුව "Bucephalus" බය වෙලා තියෙන්නේ ඔහුගේම හෙවනැල්ලට විතරයි. 

"Bucephalus" කියන්නේ ඉතාම නිර්බිත කප්පාදු නොකළ අශ්වයෙක්. මෙයා මිය ගියේ යුදපිටියේදී සිදුවූ තුවාලයක් නිසයි ඒ 326 B.C. මෙයා මියගියේ Alexander the Great විසින් මෙහෙයවන ලද අවසාන යුද්දයේදී. ඒක නිසා Alexander the Great මෙයාව මිහිදන් කරන තැනට "city of Bucephala" කියල නම් කරනවා ඒ ඔහුගේ ආශ්චර්යමත් අශ්වයාව සිහිවීමට(මෑත යුගයේදී මේ ප්‍රදේශය Jhelum, Pakistan). එමෙන්ම Alexander the Great මේ අශ්වයා අමරණිය සත්වයෙක් කියල විශ්වාස කරා.

කප්පාදු නොකළ අශ්වයෝ (stallion horse) කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට 






තැනක තිබුනා මෙසේ...

සරම් බැනියම් ඇන්දත්,
ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....

පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන 
එකම තැනක්....

පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....

පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...

ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...

ඒ අන් තැනක් නොවෙයි!
ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්
පොදු උරුමය වූ,

මරණ මංචකයයි.....

අපි මැරෙනා මිනිසූන් බව තේරුම් ගෙන ජීවත්වෙමු!

සියලු ගවුරවය මුල් රචකයා සතුවේ.

Thursday, August 21, 2014

කෑ ගහල ෆෝන් බැටරිය චාර්ජ් කර ගැනීම!


හරි මම අද කියන්න යන්නේ වෙනස්ම දෙයක් සමහරවිට හිතා ගන්නත් ටිකක් විතර අමාරු වැඩක්. ඒ තමයි ලගදීම අපිට මොබයිල් ෆෝන් වල ප්‍රදාන ප්‍රශ්නයක් වෙන බැටරි බැසීම නැති කර ගන්න පුළුවන්.

හරි අපි බලමු ඒ කොහොමද කියලා, ඇත්තටම දැනට මේක පර්යේෂණ මට්ටමෙන් ඉතාමත් සාර්ථක වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ Queen Mary University of London සහ ලෝකප්ප්‍රසිද්ද Nokia සමාගම එකතුවෙලා කරපු පරික්ෂනෙක ප්‍රතිපලයක් විදියට තමයි අපිට නුදුරු අනාගතයේදී මේ විදියට බැටරි නැති මොබයිල් ෆෝන් බාවිතා කරන්න ලැබෙන්නේ.

හරි මම තාම කිවුවේ නැහැනේ මොකද්ද මෙයාල මේ හොයාගතපු ක්‍රමේ කියලා, මෙන්න මේකයි මෙයාලා හොයාගෙන තියෙන්නේ මොබයිල් ෆෝන් එකක බැටරියක් මිනිසාගේ කටහඩ උපයෝගීකරගෙන නැවත ආරෝපණය කරගැනීමේ ක්‍රමයක්, ඒ කියන්නේ අපිට කෑ ගහල අපේ මොබයිල් ෆෝන් බැටරිය චාර්ජ් කර ගන්න පුළුවන් ක්‍රමයක්.

මේක කොහොමද ක්‍රියා කරන්නේ?

අපේ මිනිසාගේ කටහඩේ තියන ශක්තිය ලබාගැනීමට මෙයාලා බාවිතා කරලා තියෙන්නේ එක්තරා විදියක නැනෝ තාක්ෂණයක් වන නැනොරෝඩ්ස් (nanorods), මේ තාක්ෂණයට පුළුවන්කම තියෙනවලු විද්‍යුත් ශක්තියක් නිපදවන්න කටහඩේ තියන කම්පන ශක්තිය උපයෝගීකරගෙන. ඉතින් මේ පර්යේෂණ කණ්ඩායමට පුළුවන් වෙලා තියනවා මේ විදියට හදාගතපු මුලාකෘතිය (prototype) යොදාගෙන වෝල්ටේජ් පහක (5v) විදුලිබලයක් නිපදවන්න, ඒ බලය දුරකථන බැටරියක් නැවත ආරෝපණය කිරීමට හොදටම සැහෙනවා කියලා පර්යේෂණ කණ්ඩායමේ ප්‍රදානි Dr. Joe Briscoe කියලා තියනවා.

ඉතින් ඔන්න ඔහොම තමයි අපිට ඉස්සරහට බැටරි නැති මොබයිල් ෆෝන් දකින්න ලැබෙන්නේ...

Wednesday, August 20, 2014

10:10

ඔයාලා දැකලා ඇති පාවිච්චි නොකරන ඔරලෝසු වල සටහන් කරලා තියෙන වේලාව.



වෙලදපොලේ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ???


ඇයි කියලා ඔයාලා දන්නවාද??? 

ඒක ලෝකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ? 

1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ . . .ඇමරිකානුවන් විසින් ජපානයෙ හිරෝශිමා සහ නාගසකි යන නගර වලට පරමාණු බොම්බ 2 හෙලුවා මතකද ?


අන්න ඒ පළමු පරමාණු බොම්බය පිපිරි ගියේ මෙන්න මේ වෙලාවටයි..

පිපිරී ගිය පසු ඇතිවු කම්පනයෙන් හිරොශිමා සහ නාගසකි වල ඔරලොසු ක්‍රියාවිරහිත උනා හරියටම මෙන්න මේ වෙලවට...

10.10 ලෙස ඔරොලෝසුවේ කටු තියනකොට හිනාවෙන ආකාරයට පේන නිසා සුභ ලකුණක් ලෙසද එය සලකනු ලබනවා

එය අනුස්මරණය කිරිමට සහ මේ කරුණ පදනම් කරගෙන මෙසේ 10:10 වේලාව සටහන් කරන්නෙ... 


දැන් වයස අවුරුදු 20යි.

මම මේක දාන්න හිතුවේ අපේ කට්ටිය මේක බාවිතා කරාට එකේ ඉතිහාසය දන්නේ නැති නිසා. හරි හරි බය වෙන්න එපා මම මේ අද කතා කරන්න යන්නේ වෙන මොකක්වත් ගැන නෙවයි ඔයාලට වැසිකිලියට යනකොටත් දැන් නැතිවම බැරි ඉස්මාර්ට් ෆෝන් ගැන.

හරි ඔයාල දන්නේ නැතිවට 2014 අගෝස්තු මාසේ 16 වෙනිදාට ලෝකේ පළමු ඉස්මාර්ට් ෆෝන් එක නිපදවල අවුරුදු 20 වෙනවා, ඒ කියන්නේ දැන් ඉස්මාර්ට් ෆෝන් ගතකරන්නේ එයාගේ බද්‍ර යවුවනය කිවුවට ඔයාලා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ.

හරි හරි දැන් බලමු මොකද්ද මේ හා හා පුරා කියල ඉස්සෙල්ලම හදපු ඉස්මාර්ට් ෆෝන් එක කියල. මේකේ නම තමයි අයි.බි.එම්. සිමොන්(IBM Simon) ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකප්ප්‍රසිද්ද අයි.බි.එම්. ආයතනය මගින්. 


මේක ඇවිල්ල ඒ දවස් වල හදුන්වල තියෙන්නේ ඉස්මාර්ට් ෆෝන් කියන නමෙන්නම් නෙවෙයි මොකද ඒ වෙනකොට "ඉස්මාර්ට් ෆෝන්" කියන වචනය බිහිවෙලා නොතිබුන නිසා. නමුත් මෙම ගැජට් ඒකක 50,000 ආසන්න ප්‍රමාණයක් අයි.බි.එම්. ආයතනය මගින් වෙළද පොලට නිකුත් කරලා තියනවා ඒ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 899 ලෙස සටහන් කොට(එම මුදලේ වර්තමාන වටිනාකම ඇ. ඩො. 1400 පමණ).



හරි මම තවම කිවුවේ නැහැ නේ මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් මොනවද කර ගන්න පුළුවන් වුනේ කියලා.

01. දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව. (මේකටනම් ඉස්මාර්ට් ෆෝන් එකක්ම වෙන්න ඕනේ නැහැ නේ)
02. මේක ඇවිල්ල ටච් ඉස්ක්‍රින් වර්ගයේ දුරකතනයක්.
03. ෆැක්ස් පණිවිඩ යැවීමේ සහා ලැබිමේ හැකියාව.
04. ඉ-මේල් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
05. සෙලියුලර් පේජස් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
06. ලිපන නාමාවලියක්(addres book).
07. කැලැන්ඩරයක්.
08. හමුවීම් කළමනාකරණයක් (appointment scheduler).
09. ගණක යන්ත්‍රයක්(calculator).
10. ඔරලෝසුවක්.
11. සටහන් පොතක් (electronic note pad).

ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කර ගන්න මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් පුළුවන් වුනා.