Friday, August 29, 2014

ජපානේ තියන දිගම එක 


අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග?

මේක ප්‍රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග නිසා විතරක්ම නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ තියන ගැබුරුම දුම්රිය බින්ගෙය, හරි දැන් ඔයාල බලනවා ඇති කොහොමද මේක ගැබුරුම එක වෙන්නේ කියල. හරි ඒක වෙන්නේ මෙහෙමයි මේකේ මුළු දුරෙන් කිලෝමීටර් 23.3 ක්ම වැටිලා තියෙන්නේ මුහුද යටින් ඒ කියන්නේ මුහුදු පතුලේ ඉදන් මීටර් 100 (අඩි 330) යටින් තමයි මෙම උමගේ දුමරිය මාර්ග පිහිටලා තියෙන්නේ. 

මෙම උමග හදන්න හේතුවෙලා තියෙන්නේ Honshu සහ Hokkaido කියන නගර දෙක යාකරලා දුම්රිය සේවයක් ආරම්බ කරන්න ඕනේ වුන නිසයි. 1988 මාර්තු මස 13 වන දින තමයි මේක විවුර්ත කරලා තියෙන්නේ, ඒවගේම එම උමගේ ඇතුලේ දුම්රිය මාර්ග දෙකක් පිහිටලා තියනවා සහ එම දුම්රිය මාර්ගයක උපරිමය පැයට කිලෝමීටර 140(140 km/h) ක වේගයකින් දුම්රිය දාවනය කිරීමේ හැකියාව පවතිනවා.

අපි දැන් පින්තුර ටිකක් බලමු....





Tuesday, August 26, 2014

බිසේෆලස් Bucephalus 

හරි තරහ වෙන්න එපා අපි මෙහෙම පටන් ගමු. මේක ඇවිල්ල ඇත්තටම නමක්, එහෙම කිවුවට නිකන්ම නිකන් නමක් නෙවෙයි මේක ඇවිල්ල මෙතුවක් කාලෙකට ලෝකේ පහල වුන ප්‍රසිද්දම ඒ වගේම නිර්බිතම අශ්වයාගේ නම.

හරි කවුද මේ "Bucephalus" කියන්නේ මෙයා අශ්වයෙක් කියල දැන් ඔයාල දන්නවනේ, හරි නමුත් මොකද මෙය මෙච්චර ප්‍රසිද්ද, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙය තමයි මහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්යගේ(Alexander the Great) අශ්වයා. දැන් ඉතින් ඔයාලට ටිකක් තේරෙනවා ඇතිනේ මොකද මෙය ප්‍රසිද්ද කියල. 



Alexander the Great එයාගේ අතිශය විශාල වූ අදිරාජ්‍ය ගොඩනගා ගන්න ලෝකේ පුරා සටන්වලට සැතපුම දහස් ගණනක් ගමන් කරේ මේ අශ්වයාගේ පිටේ ඒ වගේම ඒ හැම සටනකටම වගේ සටන් වැදුනෙත් මේ අශ්වයා සමගයි. එකට හේතුව තමයි පුරාවෘතයන් වලට අනුව "Bucephalus" බය වෙලා තියෙන්නේ ඔහුගේම හෙවනැල්ලට විතරයි. 

"Bucephalus" කියන්නේ ඉතාම නිර්බිත කප්පාදු නොකළ අශ්වයෙක්. මෙයා මිය ගියේ යුදපිටියේදී සිදුවූ තුවාලයක් නිසයි ඒ 326 B.C. මෙයා මියගියේ Alexander the Great විසින් මෙහෙයවන ලද අවසාන යුද්දයේදී. ඒක නිසා Alexander the Great මෙයාව මිහිදන් කරන තැනට "city of Bucephala" කියල නම් කරනවා ඒ ඔහුගේ ආශ්චර්යමත් අශ්වයාව සිහිවීමට(මෑත යුගයේදී මේ ප්‍රදේශය Jhelum, Pakistan). එමෙන්ම Alexander the Great මේ අශ්වයා අමරණිය සත්වයෙක් කියල විශ්වාස කරා.

කප්පාදු නොකළ අශ්වයෝ (stallion horse) කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට 






තැනක තිබුනා මෙසේ...

සරම් බැනියම් ඇන්දත්,
ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....

පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන 
එකම තැනක්....

පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....

පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...

ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...

ඒ අන් තැනක් නොවෙයි!
ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්
පොදු උරුමය වූ,

මරණ මංචකයයි.....

අපි මැරෙනා මිනිසූන් බව තේරුම් ගෙන ජීවත්වෙමු!

සියලු ගවුරවය මුල් රචකයා සතුවේ.

Thursday, August 21, 2014

කෑ ගහල ෆෝන් බැටරිය චාර්ජ් කර ගැනීම!


හරි මම අද කියන්න යන්නේ වෙනස්ම දෙයක් සමහරවිට හිතා ගන්නත් ටිකක් විතර අමාරු වැඩක්. ඒ තමයි ලගදීම අපිට මොබයිල් ෆෝන් වල ප්‍රදාන ප්‍රශ්නයක් වෙන බැටරි බැසීම නැති කර ගන්න පුළුවන්.

හරි අපි බලමු ඒ කොහොමද කියලා, ඇත්තටම දැනට මේක පර්යේෂණ මට්ටමෙන් ඉතාමත් සාර්ථක වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ Queen Mary University of London සහ ලෝකප්ප්‍රසිද්ද Nokia සමාගම එකතුවෙලා කරපු පරික්ෂනෙක ප්‍රතිපලයක් විදියට තමයි අපිට නුදුරු අනාගතයේදී මේ විදියට බැටරි නැති මොබයිල් ෆෝන් බාවිතා කරන්න ලැබෙන්නේ.

හරි මම තාම කිවුවේ නැහැනේ මොකද්ද මෙයාල මේ හොයාගතපු ක්‍රමේ කියලා, මෙන්න මේකයි මෙයාලා හොයාගෙන තියෙන්නේ මොබයිල් ෆෝන් එකක බැටරියක් මිනිසාගේ කටහඩ උපයෝගීකරගෙන නැවත ආරෝපණය කරගැනීමේ ක්‍රමයක්, ඒ කියන්නේ අපිට කෑ ගහල අපේ මොබයිල් ෆෝන් බැටරිය චාර්ජ් කර ගන්න පුළුවන් ක්‍රමයක්.

මේක කොහොමද ක්‍රියා කරන්නේ?

අපේ මිනිසාගේ කටහඩේ තියන ශක්තිය ලබාගැනීමට මෙයාලා බාවිතා කරලා තියෙන්නේ එක්තරා විදියක නැනෝ තාක්ෂණයක් වන නැනොරෝඩ්ස් (nanorods), මේ තාක්ෂණයට පුළුවන්කම තියෙනවලු විද්‍යුත් ශක්තියක් නිපදවන්න කටහඩේ තියන කම්පන ශක්තිය උපයෝගීකරගෙන. ඉතින් මේ පර්යේෂණ කණ්ඩායමට පුළුවන් වෙලා තියනවා මේ විදියට හදාගතපු මුලාකෘතිය (prototype) යොදාගෙන වෝල්ටේජ් පහක (5v) විදුලිබලයක් නිපදවන්න, ඒ බලය දුරකථන බැටරියක් නැවත ආරෝපණය කිරීමට හොදටම සැහෙනවා කියලා පර්යේෂණ කණ්ඩායමේ ප්‍රදානි Dr. Joe Briscoe කියලා තියනවා.

ඉතින් ඔන්න ඔහොම තමයි අපිට ඉස්සරහට බැටරි නැති මොබයිල් ෆෝන් දකින්න ලැබෙන්නේ...

Wednesday, August 20, 2014

10:10

ඔයාලා දැකලා ඇති පාවිච්චි නොකරන ඔරලෝසු වල සටහන් කරලා තියෙන වේලාව.



වෙලදපොලේ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලෝසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ???


ඇයි කියලා ඔයාලා දන්නවාද??? 

ඒක ලෝකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ? 

1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ . . .ඇමරිකානුවන් විසින් ජපානයෙ හිරෝශිමා සහ නාගසකි යන නගර වලට පරමාණු බොම්බ 2 හෙලුවා මතකද ?


අන්න ඒ පළමු පරමාණු බොම්බය පිපිරි ගියේ මෙන්න මේ වෙලාවටයි..

පිපිරී ගිය පසු ඇතිවු කම්පනයෙන් හිරොශිමා සහ නාගසකි වල ඔරලොසු ක්‍රියාවිරහිත උනා හරියටම මෙන්න මේ වෙලවට...

10.10 ලෙස ඔරොලෝසුවේ කටු තියනකොට හිනාවෙන ආකාරයට පේන නිසා සුභ ලකුණක් ලෙසද එය සලකනු ලබනවා

එය අනුස්මරණය කිරිමට සහ මේ කරුණ පදනම් කරගෙන මෙසේ 10:10 වේලාව සටහන් කරන්නෙ... 


දැන් වයස අවුරුදු 20යි.

මම මේක දාන්න හිතුවේ අපේ කට්ටිය මේක බාවිතා කරාට එකේ ඉතිහාසය දන්නේ නැති නිසා. හරි හරි බය වෙන්න එපා මම මේ අද කතා කරන්න යන්නේ වෙන මොකක්වත් ගැන නෙවයි ඔයාලට වැසිකිලියට යනකොටත් දැන් නැතිවම බැරි ඉස්මාර්ට් ෆෝන් ගැන.

හරි ඔයාල දන්නේ නැතිවට 2014 අගෝස්තු මාසේ 16 වෙනිදාට ලෝකේ පළමු ඉස්මාර්ට් ෆෝන් එක නිපදවල අවුරුදු 20 වෙනවා, ඒ කියන්නේ දැන් ඉස්මාර්ට් ෆෝන් ගතකරන්නේ එයාගේ බද්‍ර යවුවනය කිවුවට ඔයාලා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ.

හරි හරි දැන් බලමු මොකද්ද මේ හා හා පුරා කියල ඉස්සෙල්ලම හදපු ඉස්මාර්ට් ෆෝන් එක කියල. මේකේ නම තමයි අයි.බි.එම්. සිමොන්(IBM Simon) ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකප්ප්‍රසිද්ද අයි.බි.එම්. ආයතනය මගින්. 


මේක ඇවිල්ල ඒ දවස් වල හදුන්වල තියෙන්නේ ඉස්මාර්ට් ෆෝන් කියන නමෙන්නම් නෙවෙයි මොකද ඒ වෙනකොට "ඉස්මාර්ට් ෆෝන්" කියන වචනය බිහිවෙලා නොතිබුන නිසා. නමුත් මෙම ගැජට් ඒකක 50,000 ආසන්න ප්‍රමාණයක් අයි.බි.එම්. ආයතනය මගින් වෙළද පොලට නිකුත් කරලා තියනවා ඒ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 899 ලෙස සටහන් කොට(එම මුදලේ වර්තමාන වටිනාකම ඇ. ඩො. 1400 පමණ).



හරි මම තවම කිවුවේ නැහැ නේ මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් මොනවද කර ගන්න පුළුවන් වුනේ කියලා.

01. දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව. (මේකටනම් ඉස්මාර්ට් ෆෝන් එකක්ම වෙන්න ඕනේ නැහැ නේ)
02. මේක ඇවිල්ල ටච් ඉස්ක්‍රින් වර්ගයේ දුරකතනයක්.
03. ෆැක්ස් පණිවිඩ යැවීමේ සහා ලැබිමේ හැකියාව.
04. ඉ-මේල් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
05. සෙලියුලර් පේජස් යැවීමේ සහ ලැබීමේ හැකියාව.
06. ලිපන නාමාවලියක්(addres book).
07. කැලැන්ඩරයක්.
08. හමුවීම් කළමනාකරණයක් (appointment scheduler).
09. ගණක යන්ත්‍රයක්(calculator).
10. ඔරලෝසුවක්.
11. සටහන් පොතක් (electronic note pad).

ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කර ගන්න මේ ඉස්මාර්ට් ෆෝන් එකෙන් පුළුවන් වුනා.









Wednesday, August 13, 2014

මුහුණු පොතේ දුටු විරුවාගේ ලියුම!
අම්මේ ලියන්නෙමී කාමරයේ ඉඳලා..
යන්නට කාටවත් නැත අවසර දීලා ...
අදහෙට යන්න දෙයි කියලා සිත හදලා....
අපේ ලොකු සර් කී හින්දා මෙය ලිව්වා....
දින දෙකකට කලින් කූඩාරමක් මැද..
හතර වටේ ටම තිබුණේ කැලෑ රොද..
මදුරුවන්ගේ සංදර්ශන අතර මැද...
සිටියේ වෙව්ල වෙව්ලා සීතලක් මැද...
හිටිහැටියේ ම ගැහුවා අපි වෙත අම්මේ..
මා විසිවුණා බඹ ගණනක් දුර අම්මේ...
සිහිනෙන් නුඹව පමණයි දුටුවේ අම්මේ..
සිහි එන විටදී නුඹ බොද වූනී මගේ අම්මේ...
බඩගාගෙන ගියා මා සිටි තැනට මම..
දුටුවේ ගිනි ගොඩක් හා ලේ විලක් මම..
පැටලුණු නිසා අතගා බැලූ විටදී මම..
දුටුවේ මගේ මීතුරගේ කොටසක්ය මම...
සති දෙක තුනක් සිටියා මම බෙහෙත්හලේ..
සුවවී නැවත ආවේ මම ගිලන්රතේ..
මා වැනි දහස්ගණනක් මා දුටුව අනේ..
මට මා ගැනම කලකිරුණා එදා දිනේ..
නවතින්නෙමී ලියල එහෙනම් මම අම්මේ...
තව මට ලියන්නට හිත දෙන්නැ අම්මේ..
මගේ අත දැන් ටිකක් රිදෙනව මයෙ අම්මේ..
වමතින් ලීවේ දකුණත මට නැහැ අම්මේ......

සියලු හිමිකම් මුල් රචකයා සතුවේ...

Thursday, August 7, 2014

ම්රියා An-225 
සුපිරි කියල කියන්න පුළුවන් බඩුවක් ගැන විස්තර ටිකක් අරගෙන අවා.

ඇත්තටම මේ බඩුව ඇවිල්ල ප්ලේන් එකක්, නිකන්ම නිකන් ප්ලේන් එකක් නෙවෙයි ලෝකේ දැනට තියන විශාලම ප්ලේන් එක තමයි මේක. 

සම්බවය : සෝවියට් යුනියන්/ යුක්රේනය
නිෂ්පාදක : ඇන්ටනොව්
නිෂ්පාදිත වර්ෂය : 1988
නිෂ්පාදනය කල ප්‍රමාණය : 1
පළමු පියාසර කිරීම : 1988 - 12 -21 

මේකේ සංකේත අංකය තමයි An-225 කියල කියන්නේ, මේකට දීල තියන නම තමයි "Mriya" කියල කියන්නේ (යුක්රේන බාසාවෙන් සිහිනය කියන තේරුම තියනවා).

මේක තමයි දැනට ලෝකයේ පියාසර කරන විශාලම සහ බර අදිකම ගුවන් යානය. ඒ කියන්නේ මෙමෙ ගුවන් යානයට උපරිම බර ටොන් 640 රැගෙන ගුවන් ගත වෙන්න පුළුවන්.

ඇත්තටම මෙතරම් විශාල ගුවන් යානයක් තැනීමේ මුලිකම පරමාර්ථය වෙලා තිබුනේ අජටාකාශ යානා ගුවනින් ගෙන යාමයි.

පළමු පියාසර කිරීමේ සිට අද දවස වන තුරු මේ යෝදය පැය 3740 සහ කිලෝමීටර් 1 870 000 (ඇත්තටම මේ කියන්නේ ලෝකය වටේ 46 වතාවක් ගිය වගේ දුරක්).

මෙම ගුවන් යානයේ ප්‍රමාණයන් ඉතාමත් සිත් ගන්නා සුළුයි. ඒ කියන්නේ මේකේ දිග මීටර් 84 උස මීටර් 18 (තට්ටු 6 ගොඩනැගිල්ලක් තරම් මේක උසයි). මේ යෝදයගේ තරම නිසා ලෝකයේ තියන ගොඩක් ගුවන්තොටුපලවල මෙයට නවතින්න ඉඩක් නැහැ එහෙම උනාම දාවන පතයේම මෙයාව නවත්තල තියනවලු. අනික මේකේ ප්‍රදාන තටු දෙක අතර දුර මීටර් 88.4 වෙනවලු.

මේකට බලය දෙන්නේ D-18T කියන ඇති විශාල එන්ජින් හයකින්, මේ එක එනජිමක් මගින් ටොන් 23.4 ක තෙරපුමක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරම ටොන් 140.5 වගේ ප්‍රමාණයක තෙරපුමක් මෙයට ගුවන්ගතවෙන්න නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම මේ එක එන්ජිමකින් අශ්වබල 12,500 ශක්තියක් නිපදවනවා. මේ කියන එක එන්ජිමක් මීටර් 3 උසයි මීටර් 2.8 පළලයි ඒ වගේම ටොන් 4 කට වඩා බරයි.

මේකේ ප්‍රදාන ඉන්දන ටැංකියේ ටොන් 365 බර ඉන්දන ගබඩා කර තැබිය හැකි අතර එම ඉන්දන ප්‍රමාණයෙන් මෙම ගුවන්යානයට එක දිගට නොනවත්වා පැය 18 කාලයක් පියාසර කිරීමට පුළුවන් (කිලෝමීටර් 15000 වැඩි දුරක්).

තවත් විසේසත්වයක් තමයි මේකේ තියන ටයර් සැම ගොඩබැම 90 වකට වරක්ම නැවත අලුත් ටයර් යෙදීම කලයුතු වෙනවා. මෙම එක ටයරයක් මිල අසන්න වසයෙන් ඇමරිකානු ඩොලර් 1000 වෙනවා.

මෙම ගුවන් යානය ගුවන් ගතකිරීම සදහා 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් අවශ්‍ය වනවා. මෙම ගුවන් යානය ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ වේගය පැයට කිලෝමීටර් 240 -280 වගේ වෙනවා.

මේක මීටර් 7100 උඩු ගුවනේදී සාමාන්‍යය පැයට කිලෝමීටර් 675 වේගයක් ලබා ගන්නා අතර උපරිම වේගය කිලෝමීටර් 850 වෙනවා

දැන් පින්තුර ටිකක් පහලින් බලමු .....













Wednesday, January 19, 2011

රු 10.00 රැදුනු කවි සිතුවිල්ල..........

පසුගිය දිනක අපෙ අම්මගෙ මුදල් පසුමිබියෙ තිබු රු 10.00 ක අපුරැ කවියක් ලියා තිබුනි, එම කවිය ලියන ලද්දෙ කවුරැන්දැයි මම දන්නෙ නැත නමුත් එහි තිබු යමි කිසි විසෙසයක් නිසා එම කවිය මෙහි ලියා තැබිමට මට හිතුනා.

එම කවිය ඉතා කෙටිය එහෙත් එහි වටිනා කියමනක් ගැබිව තිබෙ.... එනිසා එම කවිය මෙසෙ ලියා තබමි.


යහළුවන් x කර ගන්න...........
හතුරන් - කර ගන්න.........
දැනුම + කර ගන්න..........
අත්දැකීමි / ගන්න..........

Thursday, October 14, 2010

Check if Someone is Invisible or Offline in Gmail / GTalk

If you want to check if someone is invisible or really offline in Gmail chat or GTalk, here is a cool little trick for you.

People often activate the invisible mode for one reason or the other. The may be busy with some important task and want to chat only with those who they want to or they may have come online just to check out few important e-mails. Whatever may be their reason to stay invisible, you can always find out whether they are really offline or just pretending to be offline.


The Trick :

Open and login into your GTalk account and click on the person who you want to confirm as offline or invisible. Once you are in the chat window, click on the down arrow and select “ Go off the record” .

GTalk will display a message “You are now off the record (from now on, chats with ***** will not be saved in *****’s Gmail account or yours)”

Now type your message to the person. After you click enter there are two possibilities

Possibility 1 . GTalk displays a message in red color that “xxx@gmail.com is offline and cannot receive your messages right now “. This indicates that the person is really offline and its no point sending messages right now.



Possiblity 2 . GTalk does display any messages and goes on with a normal chat window. This indicates that the person in not offline but is simply using the invisible mode.


I think now you can catch any one who is trying to hide from you on Gmail or GTalk