Wednesday, July 8, 2015

 ඔබාමගේ තිරිසනා (The Barack Obama's Beast) 

හරි නම දැකපු ගමන්ම කට්ටිය බලනවා ඇති මේ මොකක්ද කියලා, හරි බය වෙන්න එපා අද මම කතාකරන්න හිතුවේ ලෝක පොලිස්කාරයාගේ මෝටර් රථය ගැන එහෙම නැත්තන් ඇමරිකානු ජනාදිපති බැරක් ඔබාමාගේ නිල රථය ගැන. දැන් ඉතින් දන්නවනේ මේක නිකන්ම නිකන් කාර් එකක් වෙන්න බැහැ කියල නේද? 

හරි දැන් අපි වැඩි විස්තර කතාකරමු, මෙම මෝටර් රථය රාජකාරි සේවාවට එකතු වුනේ 2009 ජනවාරි 20 වෙනිදා මේකේ නිර්මාණකරුවා වෙන්නේ ලෝක ප්‍රසිද්ද ජනරල් මෝටර් සමාගම (General Motors) ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මෙම සුවිසේෂි මෝටර් රථය නිපදවන්න යොදාගෙන තිබෙන්නේ කැඩිලැක් ඩි.ටි.එස්. (Cadillac DTS) කියන මෝටර් රථයේ ආකෘතියයි. නමුත් රථයේ සැකිල්ල (chassis) විදියට යොදාගෙන තිබෙන්නේ ලොරියක සැකිල්ලක්. එමෙන්ම මෙම මෝටර් රථයේ පොලවට මුහුණලා ඇති යට කොටස අගල් 5ක ගනකමකින් යුක්ත වෙඩි නොවදින තහඩුවකින් ආරක්ෂා කොට ඇත, එමගින් මෙම මෝටර් රථය යට බිම් බෝම්බයක් පුපුරා ගියත් රථයට හෝ එහි ගමන් ගන්නා ඔබාමාට අනතුරක් සිදු නොවේ. ඒ වගේම මෙම මෝටර් රථයේ වටිනාකම නිෂ්පාදකයා විසින් ප්‍රසිද්ද නොකලත්, එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 1,500,000 පමණ වනු ඇති බව විශ්වාස කරනවා.

ඇමරිකානු රාජ්‍යය රහස්‍ය සේවාව මෙම මෝටර් රථය හැදින්වීමට යොදාගන්නේ තිරිසනා (The Beast) යන අන්වර්ථ නාමයයි. එමෙන්ම ආරක්ෂක හේතුන් මත මෙම මෝටර් රථයේ විශාල විස්තර ප්‍රමාණයක් රාජ්‍ය රහස් වශයෙන් වර්ගීකරණය කොට තිබෙනවා. මෙම මෝටර් රථයටම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද රාත්‍රී කාලයේදී විනිවිද දැකිය හැකි කැමරා පද්දතියක් සවිකොට තිබෙනවා, මෙම මෝටර් රථයට හුලන් නොමැතිව ගමන්කළ හැකි (run-flat tires) ටයර විශේෂයක් සවිකොට තිබෙනවා. මෙම මෝටර් රථයේ හත් දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මෙම මෝටර් රථයේ කවුළු විදුරු අගල් 5ත් 6ත් අතර ගනකමකින් යුක්ත වනවා, එම නිසා එම විදුරු වලට බෝම්බ ප්‍රහාරයකින් හෝ තහඩු විනිවිද යන උණ්ඩයකින් හෝ හානියක් සිදු කල නොහැක. එමෙන්ම මෙම මෝටර් රථයේ විවුර්ත කල හැකි එකම කවුළුව වන්නේ රියදුරු අසුනේ කවුළුවයි, එයද විවුර්ත කල හැකිවන්නේ අගල් 2.75 පමණි. එලෙස නිර්මාණය කොට ඇත්තේ බාහිර සිටින පුද්ගලයන්(ආරක්ෂකයින්) සමග අත්‍යවශ්‍ය මොහොතකදී කතාබහ කිරීමට පමණි.

මෙම මෝටර් රථයේ දොරවල් අගල් 8 ගනකමකින් යුක්තවේ. එමෙන්ම මෙම එක දොරක් බෝයින් 757 ගුවන්යානයක දොරක බරට සමාන වේ.

තවද මෙම මෝටර් රථයේ ඇතුලත (Interior) සම්පුර්නයෙන්ම පිටත සමග පවතින සම්බන්දය මුද්‍රා (sealed ) කොට තිබෙනවා, එලෙස සිදුකොට තිබෙන්නේ රසායනික වැනි ප්‍රහාරයකින් මෝටර් රථය තුල ගමන් කරන ඔබාමා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම මෙම මෝටර් රථය යම්කිසි අනතුරකදී සම්පුර්නයෙන්ම අගුළු වැටෙන අතර එම අගුලු වැටීම විවුර්ත කල හැකියාව පවතින්නේ ඇතලත සිටින බැරක් ඔබාමාටම පමණි. 

මෙම මෝටර් රථයේ ඉන්දන ටැංකිය විශේෂ ලෝහයකින් නිමකර ඇති අතර එය වෙඩිනොවදින ආකාරයට නිම කොට තිබෙනවා, ඊට අමතරම දෙවන පෙළ ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙම ටැංකිය විශේෂ පෙන වර්ගයකින් පුරවා තිබෙනවා එමගින් ඉන්දන ටැංකියට කිසියම් ආකාරයකින් වෙඩි වැදුනොත් එය පුපුරා යාම වලක්වනු ලබනවා. මෙම ඉන්දන ටැංකියේ දාරිතාව ඉන්දන ගැලුම් 29කි එමගින් මෝටර් රථයට එකවර නොනවත්වා කිලෝමීටර් 100 ක් දාවනය කිරීමේ හැකියාව පවතිනවා.

තවද මෙම මෝටර් රථය තුල කදුළු ගැස් තුවක්කු, සැහැල්ලු ගිනි අවි, මෙම රථය වෙනුවෙන්ම නිපදවන ලද විශේෂ අවි තැන්පත් කොට තිබෙනවා. එමෙන්ම හදීසි අනතුරකදී ඔබාමාට රුධිර පාරවිලයනය කිරීමට අවශ්‍ය ඔබාමාගේම රුධිරය අඩංගු රුධිර බෝතලයක්ද මෙම මෝටර් රථයේ තැන්පත්කොට ඇත. 


මෙම මෝටර් රථයේ රියදුරුද ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙකි, එනම් ඔහු බැරක් ඔබාමාට ඉතාම පක්ෂපාති සහ ඇමරිකානු බුද්දි අංශය විසින් විශේෂයෙන්ම පුහුණු කරන ලද පුද්ගලයෙකි. ඔහුට ඕනෑම හදීසි අවස්ථාවකදී කිසිදු අබියොගයකින් තොරව මෝටර් රථය හැසුරුවීමේ පුහුණුව ලබා දෙනු ලබනවා. එමෙන්ම ඕනෑම හදීසි අවස්ථාවකට මුහුණ දීමේ සහ එම අවස්ථාවට අනුව සුදුසුම ආරක්ෂක තීරණය ගැනීමේ හැකියාව පුහුණු කරනු ලබනවා. එමෙන්ම රියදුරු කුටිය සන්නිවේදන පද්දතියකින්, ගෝලීය තැන් සෙවුම් පද්දතියකින් (GPS) වැනි නවීන අංග උපාංග වලින් සමන්විත වෙනවා. 

හරි අපි දැන් මෙයාගේ පින්තුර ටිකක් බලමු.










Friday, June 19, 2015

මිසිසිපි - The Mississippi 

හරි නම දැක්ක ගමන් ගොඩක් කට්ටිය දන්නවා ඇති මොකක් ගැනද මම අද කියන්න යන්නේ කියලා, අද මම කතාකරන්න හිතුවේ මිසිසිපි ගග ගැන. මිසිසිපි ගග තමයි උතුරු ඇමරිකාවේ තිබෙන ලොකුම ගග, ඒ වගේම මේක මුළු ඇමරිකාවම ආවරණය වන විදියට ගලාබසිනවා. මේ මහා යෝදයගේ මෝය කට පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ යෝදයගේ තරම. මෙයාගේ දිග ඇවිල්ල ආසන්න වශයෙන් කිලෝමීටර් 3800 විතර වෙනවා, ඒ වගේම මේ ගගේ පළලම ස්ථානයේ පළල කිලෝමීටර් 17 විතර වෙනවා. මෙයා දවසකට වතුර ගැලුම් මිලියන ගණනක් පහලට රැගෙන යනවා ඒ කියන්නේ ආසන්න වසයෙන් මෙයා තත්පරයට ඝන අඩි 125,000 ක අනුපාතයකින් ගලා බසිනවා.

හරි දැන් මෙයාගේ ගැන සාමන්‍ය විස්තර ටිකක් දන්නවනේ නමුත් මම දැන් කියන්න යන දේවල්නම් ගොඩක් කට්ටිය දන්නේ නැතිව ඇති. කාට හරි හිතන්න පුලුවන්ද මේ මහා යොදයෙක් වගේ ගග එක පාරටම පිටුපසට(උඩුගම් බලා) ගලාබසින්න පටන් ගනීවි කියලා? බැහැ නේද? ඔව් ඇත්තටම ඒක විස්වාස කරන්න අපහසුයි නමුත් මෙයා එක පාරක් නෙවෙයි කීප සැරයක්ම පසුපසට ගලා ගොස් තිබෙනවා. ඇත්තටම එහෙම වෙන්න හේතුව ඇවිල ස්වාබාවික වෙනස් වීම්. 

පලුමු වරට පසුපසට ගලන ලද්දේ 1812 හේතුව ඉතා විශාල බුමිකම්පාවක් නිසා ඇතිවූ සුනාමි තත්වයක්.

දෙවන වරට පසුපසට ගලන ලද්දේ 2005 වසරේ ඇතිවූ කත්‍රිනා චණ්ඩමාරුතය නිසා, මෙහෙදී සිදුවූ විසේස දෙයක්නම් ගගේ සාමන්‍ය ජල මට්ටමට වඩා මීටර් 4 ජල මට්ටම ඉහල නැගීමයි.

තුන්වන වරට පසුපසට ගලන ලද්දේ 2012 වසරේ ඇතිවූ අයිසැක් චණ්ඩමාරුතය නිසා. මෙහෙදී සිදුවූ විසේස දෙයක්නම් තත්පරයට ඝන අඩි 182,000 ක අනුපාතයකින් පිටුපසට ගලා බසින්නට පටන් ගැනීමයි ඇත්තටම එය ගංගාවේ සාමන්‍ය ගැලීමේ වේගයට වඩා වැඩි වේගයක්.


ඇත්තටම මෙහෙම පිටිපසට ගැලීම ඉතා දීර්ග කාලයක් නොපවතින අතර ඉතා සීමිත කාල සීමාවකට එය බලපවත්වයි.


















































Thursday, June 18, 2015

නිසොල්මන් ආක්‍රමණිකයා (Silent Invaders)

නිසොල්මන් ආක්‍රමණිකයා (Silent Invaders) කියපුවාම බලනවා ඇති ඒ කවුද කියලා ඇත්තටම එයාගේ නම තමයි මුහුදු ලැම්ප්‍රිස් (Sea lamprey), මෙයා ඇවිල්ලා මුහුදේ ජිවත්වන ආදා වැනි සතෙක් හොදින් වැඩුණු සතෙක් සෙන්ටිමීටර් 90 ක් පමණ වෙනවා. මෙයා මුහුදේ ජීවත්වෙනවා කිවුවට මෙයාලට ගංගා, ඇලදොළ, වැවු වල වුනත් ජීවත්වෙන්න පුළුවන්. මෙයාලා වැඩි වශයෙන් ජීවත්වෙන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ සිට උතුරු ඇමරිකාව සහ යුරෝපය දක්වා වූ මුහුදු සිමාවේ. 


මොකද මෙයාට ආක්‍රමණිකයා කියලා කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි මෙයා ඇවිල්ලා අනුන්ගෙන් යැපෙන්නෙක් (පරපෝෂිතයෙක්) ඒ කියන්නේ හරියටම ගොඩබිම ඉන්න කුඩැල්ල වැනි සතෙක් මොකද කුඩැල්ල ගොඩබිම ජිවත්වන සතුන්ගෙන් ලේ උරා බොනවා වගේම මෙයා ජලයේ ජිවත්වන සතුන්ගෙන් ලේ උරා බොනවා. එක නිසා වෙන්නේ ජලාශ වල ජිවත්වන මත්ස්‍ය විශේෂ සීග්‍රයෙන් වදවී යන එක.

ජිවන චක්‍රය

බාහිර පෙනුම 













බියකරු මුකය 



















බියකරු ආක්‍රමණයන්


























Tuesday, June 9, 2015

 ජේම්ස් ජෝසප් බ්‍රවුන් - (Mr. Dynamite)
ජේම්ස් ජෝසප් බ්‍රවුන් තමයි අපේ අද කතානායකයා ඉතින් මෙයාගේ නම දිග වැඩි නිසා මම ජේම්ස් කියල ඉස්සරහට බාවිතා කරන්නම්. ජේම්ස් ඉපදුනේ වර්ෂ 1933 මැයි මාසේ 3 වෙනිදා දකුණු කැරොලිනාවේ බාන්වෙල් කියන අතිශය දිලිදු ගමක ඉතා කුඩා ලි මඩුවක් වැනි නිවසක. ඇත්තටම ජේම්ස්ගේ නම හරියටම තිබය යුතුවුනේ ජෝසප් ජේම්ස් බ්‍රවුන් කියලයි නමුත් ඔහුගේ උප්පැන්නෙට නම ඇතුලත් කරන මොහොතේ සිදුවූ අතපසුවීමකින් ඔහුගේ නම එහි සදහන්කොට ඇත්තේ ජේම්ස් ජෝසප් බ්‍රවුන් කියලයි. ඔහුගේ දෙමාපියන් අප්‍රිකානු-ඇමරිකානු සම්බවයක් ඇති ඇමෙරිකානු පුරවැසියන්.

ජෙම්ස්ගේ කුඩාකාලය ඉතාමත් දුක්කිත එකක් වුනා එකට හේතුව ඔහු හැදී වැඩුණු ගම් ප්‍රදේශය ඉතාමත් දුගී ප්‍රදේශයක් වීම. ඔහු බොහෝවේලාවට මාර්ග අසල ගැවෙසෙමින් ඔහුගේ ළමාකාලය ගෙවා දැමුවා, කොහොම වුනත් ජේම්ස් හයවන වසර දක්වා අද්‍යාපනය ලබාගැනීමට සමත්වුණා. 

හරි දැන් ජේම්ස් ගැන පොඩි විස්තරයක් දනන්වනේ නමුත් දැන් බලනවා ඇති මේවගෙන් අපට මොකද්ද තියෙන වැඩේ කියලා, හරි දැන් මම කියන්න යන්නේ ඒ ගැන තමයි.

ජේම්ස් කියන්නේ ඇත්තටම ඇමරිකානු ගායකයෙක්, එසේ මෙසේ ගායකයෙක් නෙවෙයි ලෝකයා ඔහුව පිළිගනු ලබන්නේ "One of the founding fathers of funk music" ඒ වගේම විසිවන සියවසේ ප්‍රසිද්ද සංගීතයේ සහ නර්තනයේ ප්‍රදාන පුරුකක් වශයෙනුයි. ඔහුගේ සංගීත ජීවිතය වසර 60 කාල පරාසයක දිවයන්නක්. ශ්‍රීලාංකික අපිට වැඩිය හුරුපුරුදු නොවුනත් මේ අසහාය ගායකයා ගවුරවනාම රාශියකින් පිදුම් ලබා තිබෙනවා. මම පහතින් සදහන් කරන්නේ ඉන් කීපයක්.

1. Godfather of Soul 
2. Hardest-working Man in Show Business
3. King of Soul
4. Soul Brother No. 1.
5. Mr. Dynamite
6. James Brown is ranked as number one in The Top 500 Artists
7. Brown is ranked seventh on the music magazine Rolling Stone's list of its 100 greatest artists of all time.

පසුබිම් විස්තර 
Birth name : James Joseph Brown
Born : May 3, 1933 Barnwell, South Carolina, United States
Origin : Toccoa, Georgia
Died : December 25, 2006 (aged 73) Atlanta, Georgia
Genres : Funk, soul, R&B
Occupation(s) : Singer, producer, dancer, bandleader
Instruments : Vocals, drums, percussion, organ, keyboards
Years active : 1954–2006
Labels : Federal, King, Dade, Try Me, Smash, People, Polydor, Scotti Bros.
Associated acts : The Famous Flames, The J.B.'s, The Dapps, Bobby Byrd, The Soul Generals, Lyn Collins, Bobby Bennett, Bootsy Collins





























Monday, June 8, 2015

ලෝකයා - MS The World

හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, මේක ඇවිල්ල නැවක්. ලෝකයා - MS The World මේක ඇවිල්ල එසේ මෙසේ නැවක් එහෙම නෙවෙයි. මේක ඇවිල්ලා මිනිසුන් පදිංචි වී සිටින පවුද්ගලික සුපිරි නැවක් ඒ කියන්නේ (Residential community) එකක්.

මේ නේවාසික සමාජයට රටවල් 19 ක සම්බවයන් තියන පුද්ගලයන් අයත් වනවා. මේ කට්ටිය ජිවත් වෙන්නේ මේ නැවෙමයි, ඒ වගේම මේ නැව ලෝකේ වටේ ගමන්කරනවා ඒ ගමන්කරන අතරතුරේ ගොඩක් වරායන්වල දින ගණනාවක් නවතා තබනවා. ඉතින් ඒ කාල සිමාවන් වලදී මේ නැවේ ජිවත්වන පුද්ගලයන්ට ඒ වාරයන් අවට සංචාරය කිරීමට හැකි වෙනෙවා. ඒ වගේම මේ නැවේ ජිවත් වන පුද්ගලයන්ගෙන් සීමිත ප්‍රමාණයක් පුර්නකාලිනව මෙහි ජිවත්වන අතර අනෙක් පිරිස විටින් විට මේ නවුකාවේ ජීවත්වෙනවා.

මෙම නැව බාරව ක්‍රියාකරන්නේ ROW Management, Ltd. කියන ආයතනයයි. මෙය තට්ටු 12කින් සමන්විත වන නැවක්. මෙම නැවේ සුපොපබෝගී නිවාස 165 පිහිටා තිබෙන අතර එයින් 106 සාමන්‍ය නිවාසද 19 කුඩා ප්‍රමාණයේ චිත්‍රාගාර මාදිලියේ නිවසද ඉතිරිය වන නිවාස 40 ඉතා විශාල ප්‍රමාණයේ චිත්‍රාගාර මාදිලියේ නිවසද ලෙස නිමකොට තිබෙනවා. ඒවගේම මෙම සුපිරි නැව විශාල ප්‍රමාණයේ ලොබියකින්ද සිල්ලර බඩු වෙළදසැල් වලින්ද කඩපිල් වලින්ද කායවර්දන මද්‍යස්තානයකින්ද ගොල්ෆ් ක්‍රීඩා පිටියකින්ද ටෙනිස් ක්‍රීඩා පිටියකින්ද වියායාම මන්තිරුද (jogging track) සම්බාහන මද්‍යස්තානයකින්ද පිහිනුම් තටාකයකින්ද මද්‍යසාර වෙළදසැල් වැනි ඉතාමත් සුපොපබෝගී දිවිපෙවෙතක් ගතකිරීමට අවශ්‍ය සියලුම අංග-උපාංග වලින් සමන්විත වෙනවා.

ඊට අමතරව එහි ජිවත්වන පුද්ගලයින්ට තමන් කැමති විදියේ ආහාරපාන ලබාගැනීමට අවශ්‍ය අවන්හල් 6 ක්ද මේ නැව සතුවනවා. එමෙන්ම ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙහි චිත්‍රපට ශාලාවක්, පුස්තකාලයක්, සංගීත මණ්ඩපයක් වැනි ඉස්තානද පවතින අතර මෙහි විව්දාකාරයේ වැඩමුළුද පවත්වනු ලබනවා උදා:- නැටුම්,චිත්‍ර,බාෂා,සංගීතය,චායාරුප


මෙම නැවේ සාමාන්‍ය දත්ත
Tonnage: 43,524 GT
Length: 196.35 m (644 ft 2 in)
Beam: 29.8 m (97 ft 9 in)
Draft: 6.7 m (22 ft 0 in)
Decks: 12
Installed power: Marine diesel
Speed: 18.5 knots (34.3 km/h; 21.3 mph)
Capacity: 150-200 passengers average
Crew: 250


හරි අපි දැන් පින්තුර ටිකක් බලමු.
ඇතුලත දර්ශන



































නිවාස දර්ශන





























බාහිර දර්ශන





























Monday, October 6, 2014

 හනි බැජර් (Honey badger).

හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, හරි බය වෙන්න දෙයක් නැහැ ඔය නමින් හදුන්වන්නේ ලෝක ගිනස් වාර්තාවකට හිමිකම් කියන සත්ව විශේෂයක්. හනි බැජර් (Honey badger) එහෙමත් නැත්තන් රැටල්(ratel) කියල හදුන්වනේ මුගටි(weasel) කුලයට අයත් සිවුපා සත්වයෙක්. මෙයාලා ජීවත්වෙන්නේ අප්‍රිකාවේ, නිරිතදිග ආසියාවේ සහ ඉන්දියාවේ ප්‍රදේශ කීපයක. ඒවගේම මෙයා මාංස භක්ෂක සතෙක්.

මෙයාල ගොඩක් දුරට ජීවත්වෙන්නේ තනිවම ඒ වගේම මෙයාලගේ වාසස්ථාන තමයි පොලව හාරලා හදාගතපු ගුල්. මොකද මෙයාල ඇවිල්ල ගුල් හැරීමට අති දක්ෂයෝ. හනි බැජර් කියන්නේ ඉතාමත් බුද්දිමත් සත්ව විශේෂයක්, ඒ වගේම ලෝකේ ජීවත්වෙන යම් යම් උපකරණ බවිතාකිරීමට හැකි සත්ව විශේෂ කීපයෙන් එක් විශේෂයක්.


මම අද මෙයාල ගැන කියන්න හේතු වුන විශේෂ කාරණය ගැන තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හනි බැජර්ලා ප්‍රසිද්දියක් උසුලන්නේ එයාලගේ රෞද්‍රභාවය, ශක්තිවන්තකම සහ ම්ලේච්ඡත්වයට. මොකද මෙයාල ලෝකේ ජිවත්වන ඕනෑම සත්වයෙකුට පහර දෙනෙව, ඒ කියන්නේ මෙයාල සිංහයන්ට පවා ඉතාමත් දරුණු විදියට පහරදෙනවා. එකට ගොඩක් හේතුවෙන්නේ මොවුන් සටනක් අවස්ථාවකදී කිසිම නැවතීමක් නැතිව එකදිගට පහරදීමයි. ඒවගේම මොවුන්ට බඩගිනිවූ විට සිංහයෙකු විසින් ආහාරයට ගනුලබන දඩයමක් හෝ සිංහයාව පලවාහැර ආහාරයට ගැනීමට තරම් දරුණු සත්ව විශේෂයක්. මෙන්න මේවගේ කාරණා නිසා තමයි වර්ෂ 2002 ලෝක ගිනස් වාර්තා පොතට හනි බැජර්ලගේ නම ගියේ "ලෝකයේ සිටින නිර්භීතම සත්වයා (the most fearless animal on the planet)" කියල. ඉතින් එකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මෙයාලගේ තරම.

මෙයාලා ජිවත්වන රටවල්.


මෙයාල මොනවා හරි විස ජාතියක් ආහාරයට ගත්තම මෙන්න මේ වගේ ටිකක් වෙලා සිහි නැතිව වැටිලා ඉන්නවා.









Thursday, October 2, 2014







ආචාර්ය පොන්නම්පෙරුම.

හරි අද මම කියන්න යන්නේ ලෝක පුජිත පුද්ගලයෙක් ගැන ඒ වගේම එයා ඇවිල්ල අපේ රටෙන්ම බිහිවුන ලෝක පුජිතයෙක්. ඉතින් අපි මෙයා ගැන දන්නේ නැහැ කියන්නේ, එක විදියකට අපි ලැජ්ජා වියයුතු කාරණයක් කියල තමයි මමනම් හිතන්නේ.

හරි මෙතුමාගේ සම්පුර්ණ නම තමයි ආචාර්ය සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම. මෙතුමා ඉපදිලා තියෙන්නේ 1923 ඔක්තෝම්බර් මාසේ 16 වෙනිදා ගාල්ල ප්‍රදේශයේදී. ඒ වගේම මෙතුමා මේ ලෝකෙන් සමුඅරගෙන තියෙන්නේ 1994 දෙසැම්බර් මස 20 වෙනිදා. මෙතුමා ඇවිල්ල ජීවයේ ආරම්බය පිළිබද වූ ක්ෂේත්‍රය සහ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ ක්ෂේත්‍රය සම්බන්ද (fields of chemical evolution and the origin of life) විද්‍යාඥයාවරයෙක්.

හරි අපි දැන් බලමු මෙතුමා මොකද ලෝක පුජිත වෙන්නේ කියල. වර්ෂ 1962 දී ජාත්‍යන්තර විද්‍යාව පිළිබද විද්‍යායතනයෙන් මෙතුමා පිදුම් ලැබුවා, ඒ වසරේදීම එතුමාට අවස්ථාව ලැබුන නාසා (NASA) ආයතනයේ නේවාසික විද්‍යාඥයාවරයෙක් විදියට සේවය කිරීමට. වර්ෂ 1963 දී එතුමාව නාසා ආයතනය විසින් එම ආයතනයේ රසායනික ද්‍රව්‍ය පරිනාමය පිලිබදවූ කාර්යාංශයේ ප්‍රදානියා බවට පත් කරනවා. එමෙන්ම එම ආයතනය විසින් එතුමාව තෝරාගනු ලබනවා ප්‍රදාන විද්‍යාඥයාවරයා ලෙස ඇපලෝ අබ්යවකාශ යානය විසින් ගෙන එන ලද සදේ පස් පරික්ෂ කිරීමේ කණ්ඩායමේ.

වර්ෂ 1984 දී එවකට ශ්‍රී ලංකාවේ ජනාදිපති වරයා ලෙස සිටි ජේ.ආර්. ජයවර්දන මහතා ආචාර්ය පොන්නම්පෙරුම මහතාව එතුමාගේ ප්‍රදාන විද්‍යාව පිළිබද උපදේශකයා හැටියට පත් කරගනු ලබනවා. වර්ෂ 1990 දී එවකට සිටි රණසිංහ ප්‍රේමදාස ජනාදිපතිවරයා ආචාර්ය පොන්නම්පෙරුම මහතාට "විද්‍යා ජෝති" ගෞරව නාමය පිරිනමනවා. එමෙන්ම ලංකාවේ විසු Arthur C. Clarke මහතාට අනුව "No other scientist of Sri Lankan origin was internationally known and respected as he was" 

මෙහි සදහන් කර කාරණා වලට අමතරව ලෝකය පුර විහිදුන විශ්වවිද්‍යාල සහ ආයතන රැසකින් මෙතුමාට විවිදාකාර වූ තනතුරු, ගෞරව නාමයන් පිරිනම තිබේ.